එකම පවුලේ අයියා සහ නංගී සැඩ පහරක ගසාගෙන යයි

හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ එකම පවුලේ ළමුන් දෙදෙනෙකු සැඩ පහරක ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

අද සවස බෝගොඩ – හළාඹ මාර්ගය හරහා ගලා යන කුඩා දිය පහරකින් එගොඩ වෙමින් සිටි ඔවුන් අධික වර්ෂාව සමග ඇදී ආ සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 10 වයසේ පසු වූ පිරිමි දරුවෙක් සහ ඔහුගේ 08 හැවිරිදි සොහොයුරියයි.

ඔවුන් මෙලෙස සැඩ පහරට හසුවී ඇත්තේ කුලී වැඩට ගිය මව නිවසට පැමිණීම පමා වීම හේතුවෙන් ඇය සොයා ගෙන ගිය අවස්ථාවේදී බවයි ගම්වාසීන් පවසන්නේ.

මෙම දරුවන් දෙදෙනා බෝගොඩ විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ සහ පළමු වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්.

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ළමුන් දෙදෙනා සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතත් පවතින අඳුර හේතුවෙන් ඊට බාධා මතුවී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42