එකතු කරපු සල්ලිවලට රොබරියක් දුන් මුදල් භාරකරු පොලිසිය අල්ලයි

ව්‍යාපාරික ආයතනවල දෛනික එකතුවන මුදල් එක් රැස්කර කොළඹ ප්‍රදේශයේ මූල්‍ය ආයතනවලට භාරදීමේ රාජකාරියේ නිරත වී සිටි මුදල් භාරකරුවෙක්, තවත් දෙදෙනෙකු සමඟ එක්ව එලෙස එක්රැස් කළ මුදල් තොගයක් කොල්ල කෑ පුවතක් කටාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔවුන් විසින් රුපියල් හාරකෝටි හැටනව ලක්ෂ නවසීය හතළිහක මුදලක් මෙලෙස කොල්ල කා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස කොල්ල කෑ මුදල ද සමඟ සැකකරුවන් පැය 24ක් ගතවීමට පෙර අත්අඩංගුවට ගැනීමට කාටාන පොලිසියට හැකිව තිබෙනවා.

කොල්ලකෑම සිදුකළ බව කියන සැකකාර මුදල් භාරකරු සිය රියදුරු සමඟ මෝටර් රථයකින් කිඹුලපිටිය ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ආයතනයක මුදල් භාරගැනීම සදහා පෙරේදා (03) පස්වරුවේ පැමිණ තිබෙනවා.

එහිදී කටියල, පළතුරු කම්හලට හැරෙන හංදිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් තම මෝටර් රථය හරස්කර නවත්වා මුදල් රැගෙන පලාගිය බවයි සැකකාර මුදල් භාරකරු පොලිසිය හමුවේ පැමිණිල්ලක් සිදුකර පවසා ඇත්තේ.

මේ පිළිබද වහා ක්‍රියාත්මක වූ පොලිසියට, එම ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමේ දී, පැමිණිල්ල සිදුකළ සැකකාර මුදල් භාරකරු එසේ පැමිණෙන අතරතුර අතර මඟ නවත්වා තවත් මෝටර් රථයක රියැදුරෙකු සමඟ කිසියම් කතාබහක නිරත වන ආකාරය නිරීක්ෂණ වී තිබෙනවා.

ඒ, අනුව ඉදිරි විමර්ශන කටයුතු මෙහෙය වූ කටාන පොලිසිය මුදල් භාරකරු අතරමග දී කතා කළ මෝටර් රථයේ රියදුරු, මුදල් භාරකරුගේ මෝටර් රථයේ රියැදුරුගේ ඥාතී සොහොයුරෙක් බවත්, ඔවුන් දෙදෙනාම කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනාවරණය කර ගෙන තිබෙනවා.

අනතුරුව අද (05) පෙරවරුවේ සැකකාර මුදල් භාරකරු, ඔහුගේ රියැදුරු සහ ඔහුගේ ඥාතී සොහොයුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ප්‍රශ්න කිරීමේ දී කොල්ල කෑ මුදල් කඩවත ප්‍රදේශයේ පිහිටි ඥාතී සොහොයුරාගේ නිවසේ සඟවා තිබී සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
25
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34