උසස් පෙළ විභාගය අනිද්දා – විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා !

2026 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනිද්දා (10) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත් වුණා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 දෙනෙකු පෙනී සිටින බවයි ඇය පැවසුවේ.

එමෙන්ම මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532 කදී පැවැත් වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ.

මෙහිදී විභාග කොමසාරිස් ජනරාල්වරිය සියලුම විභාග අපේක්ෂකයින්ට දැනුම් දුන්නේ විභාග නීති රීතිවලට අනුව විභාග ශාලාව තුළ දී හැසිරිය යුතු බවයි.

එමෙන්ම විභාග ආරම්භයට පැයකට පෙර තමන්ට නියමිතව ඇති විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසත් ඇය උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දුන්නා.

මේ අතර විභාග අපේක්ෂකයින්ට තහනම් කර ඇති දේවල් විභාගය පැවැත්වෙන කාලයතුළ දී සන්තකයේ තබාගැනීමට වරදක් බවත්, ජංගම දුරකථන, බ්ලූටූත් උපකරණ, ස්මාර්ට් ඔරලෝසු, සටහන් පත් වැනි තහනම් දෑ ළඟ තබාගෙන වරදකරුවෙක් වුවහොත් විභාග පනත යටතේ දඬුවම් ලබාදෙන බවයි අවධාරණය කළේ.

එමෙන්ම අනෙකුත් අපේක්ෂකයින්ට බාධා කිරීම්, උත්තර පත්‍ර හුවමාරු කරගැනීම, අනෙකුත් අපේක්ෂකයින් සමඟ කතා කිරීම වැනි විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතුවල නිරත නොවන ලෙසට ද සියලුම විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27