ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය අද – තරගය නොමිලේ නරඹන්න අවස්ථාව

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් මෙවර එල්.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුකම් ලබා ඇති අතර, අවසන් මහා තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

මෙවර තරගාවලියේ පළමු Qualifier තරගයේ දී ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පරාජය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුකම් ලබා ගත්තා.

පළමු Qualifier තරගයේ දී පරාජය වූ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම Eliminator තරගය ජයගත් කලම්බෝ කැප්ස් කණ්ඩායම සමඟ දෙවන Qualifier තරගයට මුහුණ දුන්නා.

එම තරගය කලම්බෝ කැප්ස් කණ්ඩායම පරාජය කළ ගෝල් ගැලන්ට්ස් මෙවර අවසන් මහා තරගය සඳහා තේරී පත් වුණා.

2026 එල්.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර අද පැවැත්වෙන අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36