උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් අවලංගු කෙරේ (වීඩියෝ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව පසුගිය ජනවාරි 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව 02 ප්‍රශ්න පත්‍රය අවලංගු කර තිබෙනවා.

ඒ, අදාළ ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණය වීම හේතුවෙන්.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ සියලුම මාධ්‍යයන්ට අදාළව පැවති කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය අවලංගු කරන බවයි.

කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය සඳහා දින නියමව තිබුණේ පසුගිය ජනවාරි 10 වැනිදා පස්වරු 1 සිට 4 දක්වායි.

නමුත් විභාගය පැවැත්වීමට පෙර අදාළ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සරසරණය වී ඇති බවට විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී තිබුණා.

මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මගින් කරන ලද විමර්ශනයේදී අදාළ කරුණ සනාථ වීම හේතුවෙන් කෘෂි විද්‍යා විෂයට පෙනී සිටි කිසිදු අපේක්ෂකයෙකුට අගතියක් සිදුවීම වැළැක්වීම පිණිස කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අවලංගු කරන ලද කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය මේ වන විට පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරන බවත් ඊට අදාළ දිනය විභාග අපේක්ෂකයින් වෙත පසුව දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඊට අදාළ ප්‍රවේශ පත්‍රය පාසල් අයදුම්කරුවන් සඳහා අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ඔවුන්ගේ අයදුම්පත්‍රවල සඳහන් ලිපියන්ට තැපැල් මගින් යැවීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
5
+1
7
+1
8
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38