උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලූ පෙත්සමට විරෝධතා දක්වන්න කාලය දෙයි

ලබන ජනවාරි මස 04 වනදා පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය තවදුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබෙනවා.

අදාළ පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කළේ මෙම නඩුකරයට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙසටයි.

ඒ අනුව අදාළ සීමිත විරෝධතා නොවැම්බර් මස 7 වනදාට පෙර ගොනුකර ලෙසත් අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය අදාළ පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 23 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළා.

කණිෂ්ක සඳරුවන් ඇතුළු උසස් පෙළ විභාග අපේක්ෂකයින් තුන්දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ උසස් පෙළ විභාගයේ නිර්ණායකයන්ට අනුව දින 495 ක අධ්‍යයන කාලසීමාවක් හිමිවන බවයි.

එහෙත් රටේ ඇතිවූ විදුලි අර්අබුදය ඇතුළු විවිධ අයහපත් හේතු නිසා මෙවර එම අධ්‍යයන කාල සීමාව දින 300 කට පමණ සීමා වී තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මේ හේතුවෙන් සියලු විෂය නිර්දේශ කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම තත්ත්වය යටතේ උසස් පෙළ විභාගය පවත්වනු ලැබූ වොත් තමන්ට දැඩි අගතියක් සිදු විය හැකි බවයි කියා සිටියේ.

ඒ අනුව අදාළ විභාගය තව දුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ,විභාග කොමසාරිස් ජෙනරාල් වරයා සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..හැම තැනම දළඹුවෝ..
02:44
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.03.2026
07:51:30
Video thumbnail
"හුන්ඩු ජනපතිගේ හිතේ තියෙන්නේ හුන්ඩු ගතිය" අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:13
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44