උපන් දින සැමරුමට ඩුබායි යාම ප්‍රතික්ෂේප කළ නිසා බිරිඳ සැමියාව ඝාතනය කරලා

උපන් දිනය වෙනුවෙන් ඩුබායි රැගෙන නොගිය බවට කාන්තාවක් ඇයගේ සැමියාට පහර දී ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

ඉන්දියාවේ පූනේ හි වනව්ඩි ප්‍රදේශයේ දී ඊයේ (24) මෙම ඝාතනය සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

36 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස බිරිඳගේ පහර කෑමට ලක්ව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන නිඛිල් ඛන්නා නැමැති මෙම පුද්ගලයා සිය බිරිඳ වන 38 හැවිරිදි වියේ පසුවන රේණුකා සමඟ මීට වසර හයකට පෙර විවාහ වී තිබෙනවා.

රේණුකා තම උපන්දින සැමරුම සඳහා ඩුබායි වෙත රැගෙන යන ලෙස නිඛිල්ගෙන් ඉල්ලීම්කර ඇති අතර එම ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මොවුන් දෙදෙනා නිතර ගැටුම් හටගෙන ඇති අතර, ඊයේ (24) දහවල් ඔවුන් පදිංචිව සිටි මහල් නිවසේ දී ඇති වූ ගැටුමක දී රේණුකා විසින් සිය සැමියාගේ පහරදීමක් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම පහරදීමෙන් ඔහුගේ නාසය සහ දත් කිහිපයක් කැඩී ගොස් ඇති අතර, එම අවස්ථාවේ සිදු වූ අධික රුධිර වහනයත් සමඟ ඔහු සිහිසුන්ව ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පසුව අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
2
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20