spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උපන් දින සැමරුමට ඩුබායි යාම ප්‍රතික්ෂේප කළ නිසා බිරිඳ සැමියාව ඝාතනය කරලා

උපන් දිනය වෙනුවෙන් ඩුබායි රැගෙන නොගිය බවට කාන්තාවක් ඇයගේ සැමියාට පහර දී ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

ඉන්දියාවේ පූනේ හි වනව්ඩි ප්‍රදේශයේ දී ඊයේ (24) මෙම ඝාතනය සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

36 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස බිරිඳගේ පහර කෑමට ලක්ව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන නිඛිල් ඛන්නා නැමැති මෙම පුද්ගලයා සිය බිරිඳ වන 38 හැවිරිදි වියේ පසුවන රේණුකා සමඟ මීට වසර හයකට පෙර විවාහ වී තිබෙනවා.

රේණුකා තම උපන්දින සැමරුම සඳහා ඩුබායි වෙත රැගෙන යන ලෙස නිඛිල්ගෙන් ඉල්ලීම්කර ඇති අතර එම ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මොවුන් දෙදෙනා නිතර ගැටුම් හටගෙන ඇති අතර, ඊයේ (24) දහවල් ඔවුන් පදිංචිව සිටි මහල් නිවසේ දී ඇති වූ ගැටුමක දී රේණුකා විසින් සිය සැමියාගේ පහරදීමක් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම පහරදීමෙන් ඔහුගේ නාසය සහ දත් කිහිපයක් කැඩී ගොස් ඇති අතර, එම අවස්ථාවේ සිදු වූ අධික රුධිර වහනයත් සමඟ ඔහු සිහිසුන්ව ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පසුව අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
2
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?