ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය ඊයේ (26) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

මෙම සැසි හරහා ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක අත්හදාබැලීම්, රෝග වැළැක්වීම සහ සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරීම පිලිබඳ අවධානය යොමු වුණා.

මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් රන් පදක්කම්ලාභී වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පර්යේෂකයන් සහ ශිෂ්‍යත්වලාභීන් ඇගයීමටලක් වූ අතර, එම ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ නවෝත්පාදන මූලික කරගත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බිහිකිරීම සඳහා අධ්‍යාපනය ආයතනවල කැපවීම පිළිබිඹු කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

දශක නවයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ කාර්යභාරය අගය කළ අග්‍රාමාත්‍යවරිය, දැනුම ප්‍රවර්ධනය කිරීම සහ වෘත්තීය ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ දීර්ඝකාලීන මෙහෙවර පැසසුමට ලක් කළා.

මහජන සෞඛ්‍යය යනු රෝහල්වලට පමණක් සීමා වූවක් නොවන බවත්, යහපත් සෞඛ්‍යයක් ආරම්භ වන්නේ රෝග වළක්වා ගැනීමට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකින් බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18