spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උදයංග වීරතුංග ගිණුම් දෙකක මුදල් ඉල්ලයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව සිදු කෙරුණු විමර්ශනවලට අදාළව අත්හිටුවා ඇති සිය බැංකු ගිණුම් දෙකක මුදල් තමන් වෙත මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සිදු කර ඇති ඉල්ලීමට අදාළව තම ස්ථාවරය හෙට දින අධිකරණය හමුවේ දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.

මෙම ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.

එහිදී උදයංග වීරතුංග අධිකරණයට දැනුම් දී තිබුණේ තමා රුසියාවේ තානාපතිවරයා ලෙස වසර නමයක් කටයුතු කළ බවත් එහිදී තමාට ලැබුණු තානාපති වැටුප බැර කර ඇති බැංකු ගිණුමේ මුදල් සහ තවත් බැංකු ගිණුමක මුදල් ද තමන් වෙත මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ සිය සේවාදායකයාගේ ගිණුම් ඒකපාක්ෂික ලෙස වසර අටකට අධික කාලයක් අත්හිටුවා තිබීමෙන් ඔහු ආර්ථිකමය වශයෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

මෙම විමර්ශනයට අදාළව සිය සේවාදායකයාගේ බැංකු ගිණුම් තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් ලබාගෙන තිබෙන නියෝග නිසා ඔහුට දැඩි අගතියක් සිදු වී ඇති හෙයින් අදාළ ගිණුම්වලට පණවා තිබෙන තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තම ස්ථාවරය හෙට දින අධිකරණයේ දැනුම් දෙන ලෙසටයි නීතිපතිවරයාට නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?