උදයංග වීරතුංග ගිණුම් දෙකක මුදල් ඉල්ලයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව සිදු කෙරුණු විමර්ශනවලට අදාළව අත්හිටුවා ඇති සිය බැංකු ගිණුම් දෙකක මුදල් තමන් වෙත මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සිදු කර ඇති ඉල්ලීමට අදාළව තම ස්ථාවරය හෙට දින අධිකරණය හමුවේ දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.

මෙම ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.

එහිදී උදයංග වීරතුංග අධිකරණයට දැනුම් දී තිබුණේ තමා රුසියාවේ තානාපතිවරයා ලෙස වසර නමයක් කටයුතු කළ බවත් එහිදී තමාට ලැබුණු තානාපති වැටුප බැර කර ඇති බැංකු ගිණුමේ මුදල් සහ තවත් බැංකු ගිණුමක මුදල් ද තමන් වෙත මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ සිය සේවාදායකයාගේ ගිණුම් ඒකපාක්ෂික ලෙස වසර අටකට අධික කාලයක් අත්හිටුවා තිබීමෙන් ඔහු ආර්ථිකමය වශයෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

මෙම විමර්ශනයට අදාළව සිය සේවාදායකයාගේ බැංකු ගිණුම් තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් ලබාගෙන තිබෙන නියෝග නිසා ඔහුට දැඩි අගතියක් සිදු වී ඇති හෙයින් අදාළ ගිණුම්වලට පණවා තිබෙන තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තම ස්ථාවරය හෙට දින අධිකරණයේ දැනුම් දෙන ලෙසටයි නීතිපතිවරයාට නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02