උදයංග වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

මිග්යානා ගෙන්වීමේ දී මූල්‍ය වංචා සිදු කළ බවට වන චෝදනාවලට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇතුලු පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පවරා ඇති නඩුව ලබන ජනවාරි 06 වන දින යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අද (02) අධිකරණයේ පෙනී සිටිමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ ව්‍යාපාර කටයුත්තක් කරන තැනැත්තෙක් බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සඳහා මාගේ සේවාදායකට විදේශ ගත වීමට අවශ්‍ය බැවින් තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉදිරි නඩු දිනය දක්වා තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණයේ නියම කළා.

ප්‍රශ්නගත මිග්යානා 08ක් ගෙන්විමේ දී මූල්‍ය වංචා සිදුකළ බවට උදයංග වීරතුංග මහතා ඇතුලු පිරිසකට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (02) යළි කැඳවූවා.

මෙම නඩුව නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:06:37
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42