උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – විශාල පිරිසක් ජීවිතක්ෂයට (වීඩියෝ)

උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගින්නෙන් 50ක් පමණ මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කෙසේ වෙතත් මිය ගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් තවමත් මැසිඩෝනියා බලධාරීන් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

මැසිඩෝනියාවේ අගනුවර වන ස්කොප්ජේ සිට කිලෝමීටර් 100ක් නැගෙනහිරින් පිහිටි කොකානි හි පල්ස් සමාජ ශාලාවේ ඉරිදා අලුයම මෙම ගින්න හටගෙන තිබෙනවා.

සමාජ ශාලාවේ පැවති ප්‍රසංගයක් අතරතුර පයිරොටෙක්නික් භාවිතා කරන අවස්ථාවේ ගින්න ඇති වූ බවට විශ්වාස කෙරෙනවා.

එම අවස්ථාවේ දී එහි 1500ක පමණ පිරිසක් රැඳී සිට ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?