ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 03කට දිවා ආහාරය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ගෙවතු වගා පාසල් පෝෂණ වැඩසටහන (Home-Grown School Feeding Programme – HGSF) යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත කෘෂිකාර්මික උපකරණ භාරදීමේ උත්සවය අද (28) දින පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමටත්, ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු කාර්යක්ෂම කිරීමටත් අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ජීවනෝපාය හා ළමා පෝෂණය අතර සබඳතාව ශක්තිමත් කිරීමටත් මෙහිදී අපේක්ෂා කෙරෙනවා.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය (PSWFPC) මඟින් මෙම සමස්ත ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරනු ලබනවා.

එහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ලෝක ආහාර වැඩසටහන (WFP) යනු 1968 වසරේ සිට ශ්‍රී ලංකාවේ පෝෂණ කටයුතු නංවාලීමට, විශේෂ ආපදා අවස්ථාවලදී සහාය වීමට සහ රටේ සංවර්ධනය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් ආයතනයක් බවත්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පාසල් පෝෂණ වැඩසටහන සඳහා ද සුවිශේෂී දායකත්වයක් සපයන බවයි.

එමෙන්ම, මෙම වැඩසටහන යටතේ මේ වන විට මෙරට පාසල් 2,013ක සිසුන් තුන් ලක්ෂයකට අධික පිරිසකට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට සහාය හිමි වන බව ද අමාත්‍යවරයා එහ්දී අවධාරණය කළා.

දේශීය ගොවිතැන් සහ සත්ත්ව පාලන කටයුතුවල නිරත වන පිරිස් සවිබල ගැන්වීම ද අපේක්ෂා කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 400ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, එමඟින් පාසල් දරුවන්ගේ මන්දපෝෂණය දුරු කිරීම අරමුණු කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි, ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත සහ මෙරට අධ්‍යක්ෂ පිලිප් වෝඩ් මහතා, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56