22 වන සංශෝධනයට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සමක් අද (28) ඉදිරිපත් කෙරුණා..

අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් නීතිඥ ජානක අධිකාරි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

මෙම පෙත්සම තුළින් සඳහන් වන්නේ අදාළ පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවයි.

ඒ, අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් වුණා.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ කලාකරුවකු වන දයාරත්න සුවඳ හැන්නදිගේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ජනතා පරමාධිපත්‍යයට අහිතකර බලපෑමක් සිදුවන බවයි.

ඒ, අනුව අදාල පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48