නේපාල ගංවතුරෙන් 90,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ඇස්තමේන්තු ගතකර තිබෙනවා.
රතු කුරුස සංවිධානය ප්‍රකාශයට පත්කර ඇත්තේ ඇස්තමේන්තුගත පුද්ගලයින් 93,000ක් පීඩාවට පත්ව ඇති බවයි.
මේ අතර පසුගිය බදාදා එකවරම ඇති වූ මහා ගංවතුරෙන් 547 දෙනෙකු මිය ගොස් ඇති බව නේපාල පොලිසිය තහවුරු කරනවා.
තවත් පුද්ගලයින් 1,473 දෙනෙකු තුවාල ලබා ඇති බවයි නේපාල පොලිසිය සඳහන් කරන්නේ.
එමෙන්ම මුදාගැනීමේ මෙහෙයුම් දිගටම පවතින බැවින්, බදාදා ගංවතුරෙන් පසු මළ සිරුරු සෙවීම සහ ගොඩගැනීම වේගවත් කිරීම සඳහා අතිරේක පිරිස් ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි නේපාල අගමැති කාර්යාලය පවසන්නේ.
මේ දක්වා සොයා ගන්නා ලද මළ සිරුරු විශාල ප්‍රමාණයක් චිත්වාන් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ත්‍රිෂූලි ගඟ දෙපසින් සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.













