ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුගෙන් සොනාල් දිනූෂට විශේෂ ඇගයීමක්

ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (27) දිනයෙන් නිමාවට පත්වූ දෙවන ටෙස්ට් තරගය සම්බන්ධයෙන් X සමාජ මාධ්‍යයේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ගෞතම් ගම්භීර් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයේ සුපිරි දස්කම දැක්වූ සොනාල් දිනූෂව පැසසුමට ලක්කර තිබීම විශේෂත්වයක්.

ගෞතම් ගම්භීර් එම සටහනේ සඳහන් කර ඇත්තේ, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන ශක්තිය, ඉවසීම සහ මානසික දැඩි බව ඉන්දීය ක්‍රීඩකයින් විසින් ප්‍රදර්ශනය කළ බවයි.

එමෙන්ම සුවිශේෂී දක්ෂතා දැක්වූ සෝනල් දිනූෂට විශේෂ ඇගයීමක් ලබා දිය යුතු බව ගම්භීර් සඳහන් කර තිබෙනවා.

Screenshot 2026 08 28 191602