උඩු ගුවනේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවකට කරදරයක් – ගුවන් මගියා අත්අඩංගුවට

කුවේට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක ගුවන් සේවිකාවකට ගුවන් මගියෙකු විසින් හිරිහැර කළ බව කියන සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

අදාළ ගුවන් මගියා ගුවන් සේවිකාවගේ අතින් ඇද ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසි විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානය අද (30) අලුයම 02.00ට පමණ කුවේට් සිටි කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණීමට පිටත්ව තිබෙනවා.

මෙම ගුවන් යානය පිටත් වී පැය 03.30 කට පසුව එහි ගමන් ගත් ගුවන් මගීන්ට ආහාරපාන ලබාදී ඇති අතර, පසුව ඒවා පිරිනැමූ භාජන ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා.

එහිදී මෙම ගුවන් මගියාට ආහාරපාන ලබා දුන් හිස් භාජන ඉවත්කර ගැනීමට සූදානම් වන අවස්ථාවේ දී ගුවන් මගියා විසින් ගුවන් සේවිකාවකගේ අතින් අල්ලා ඇයට පරුෂ වචනයෙන් ද බැණවැදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට සේවිකාව පියවර ගෙන තිබූ අතර, ඔවුන් ගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුණා.

ඒ, අනුව ගුවන් නියමුවා මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, අද (30) උදෑසන 08.45ට පමණ යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමෙන් පසු ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ ගුවන් මගියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, පොකුණුවිට පාරේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

මෙලෙස අත්අඩංගුවට ගත් මෙම ගුවන් මගියා මද වේලාවකට පසුවගුවන් තොටුපොළ පොලිසිය තුළ දී හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් මේ වනවිට මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හිංසනයට ලක් වූ බව කියන ගුවන් සේවිකාව ද වෛද්‍ය පරීක්ෂණ සඳහා මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර මෙම ගුවන් මගියාගේ බිරිඳ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ තම සැමියාට ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් පහර දුන් බවයි.

  1. ශ්‍රි ලංකන් එකේ වැඩ කරන සමහර කාන්තාවන් සිංහලෙන කතා කරන ලාංකිකිකයන්ට ඉතාම පහත් ආකාරයටයි,මව්භාෂවෙන් ඉංග්‍රීසිය ඉගෙන ගත්තු සමහරුන්ට සිංහලෙන් යමක් ඇහුවොත් “සොරි”තේරිලා නෑ,ඇස් පනා පිටම සුද්දන්ට විශේෂ සැලකිල්ල පැහැදිලිව පේනවා,ඵහෙම කලාට කමක් නෑ ව්‍යාපාරික හෝ පලමු පන්තියේ ටිකට්වලට 90%ක් පමණ අප සමගම ඵක පන්තියේ යන්නේ සම වටිනාකමක් ඇති ප්‍රවේශ පතකින් ඔය පහත්වැඩ නිසාමයි ලංකිකයන් වෙනත් ගුවන් යනා වලින් යන්නේ

  2. මෙම ගුවන් සේවිකාව අතින් වරදක් වුණු නිසයි මෙවැනි බහින් බස් වීම් ශ්‍රි ලංකන් එකේ නිතර සිදුවන්නේ,සුද්දට විශේෂ සැලකිලි කලුජාතික අපට කුඩම්මා සැලකිලි නමුත් එකම මුදල

    • යුරෝපයේ රටවල් වල ඉඳන් එන අයට සහ මිඩ්ලීස් වල ඉඳන් එන අයට සැලකිලි දෙයාකාරයක්( ශ්‍රී ලාංකිකයන්ට)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17