උඩු ගුවනේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවකට කරදරයක් – ගුවන් මගියා අත්අඩංගුවට

කුවේට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක ගුවන් සේවිකාවකට ගුවන් මගියෙකු විසින් හිරිහැර කළ බව කියන සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

අදාළ ගුවන් මගියා ගුවන් සේවිකාවගේ අතින් ඇද ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසි විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානය අද (30) අලුයම 02.00ට පමණ කුවේට් සිටි කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණීමට පිටත්ව තිබෙනවා.

මෙම ගුවන් යානය පිටත් වී පැය 03.30 කට පසුව එහි ගමන් ගත් ගුවන් මගීන්ට ආහාරපාන ලබාදී ඇති අතර, පසුව ඒවා පිරිනැමූ භාජන ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා.

එහිදී මෙම ගුවන් මගියාට ආහාරපාන ලබා දුන් හිස් භාජන ඉවත්කර ගැනීමට සූදානම් වන අවස්ථාවේ දී ගුවන් මගියා විසින් ගුවන් සේවිකාවකගේ අතින් අල්ලා ඇයට පරුෂ වචනයෙන් ද බැණවැදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට සේවිකාව පියවර ගෙන තිබූ අතර, ඔවුන් ගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුණා.

ඒ, අනුව ගුවන් නියමුවා මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, අද (30) උදෑසන 08.45ට පමණ යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමෙන් පසු ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ ගුවන් මගියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, පොකුණුවිට පාරේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

මෙලෙස අත්අඩංගුවට ගත් මෙම ගුවන් මගියා මද වේලාවකට පසුවගුවන් තොටුපොළ පොලිසිය තුළ දී හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් මේ වනවිට මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හිංසනයට ලක් වූ බව කියන ගුවන් සේවිකාව ද වෛද්‍ය පරීක්ෂණ සඳහා මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර මෙම ගුවන් මගියාගේ බිරිඳ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ තම සැමියාට ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් පහර දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
5
+1
68
+1
7
+1
6
+1
4
+1
6
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23