උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ සහ මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ සහ මගී ප්‍රවාහන දුම්රිය ඊයේ (30) උදෑසන 9.30ට පමණ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර හොලිරුඩ් වත්ත ප්‍රදේශයේදී පීලි පැනීමට ලක් වුණා.

එම දුම්රියේ එන්ජිම සහ මගී ප්‍රවාහන මැදිරි දෙකක් පීලි පැනීමට ලක්ව තිබූ අතර පීලිගත කිරීම් අවසන් වන තෙක් උඩරට මාර්ගයේ ගමන් ගත් අනෙක් දුම්රිය පීලි පැනීමට ලක්වූ දුම්රිය ඇති ස්ථානය වෙත ධාවනය කර මගීන් මාරු කර ගමනාන්තයන් වෙත යැවීමට පියවර ගෙන තිබුණා.

දුම්රිය පීලිගත කිරීම් අවසන් කර ඊයේ රාත්‍රී 9 පමණ සිට දුම්රිය ධාවනය යථා තත්වයට පත් කළ බවයි පාලක මැදිරිය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26