උඩරට එළවළු වගා බිම් රැසක් ජලයෙන් යටවී විනාශයි ( ඡායාරූප )

උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවලට මේ දිනවල සවස් කාලයේ පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඳපොල ප්‍රදේශයේ එළවළු වගා බිම් රැසක් ගංවතුර තර්ජනයට ලක්වීමෙන් විනාශයට පත්ව ඇතැයි කඳපොල ප්‍රදේශයේ එළවළු ගොවීහු පවසන බව අප වාර්තාකරු දන්වා සිටියා.

ඊයේ (30) දිනයේද සවස් කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගා බිම් හා උඩුපුස්සැල්ලාව- නුවරඑළිය මාර්ගයද ජලයෙන් යටවී පැවැති බවද ගොවීහු පවසා තිබෙනවා.

කඳපොල නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පහත් බිම්වල මෙන්ම ඇලවල් හා ඔයවල් ආශ්‍රිත වගා කොට තිබු උඩරට එළවළු වගා බිම් රැසක් මෙසේ ජලයෙන් යටවීම හේතුවෙන් එම වගා බිම්වල වගා කොට තිබු ලීක්ස්, අර්තාපල්, බිට්රූට්, නෝකෝල්, සලාද, මාළු මිරිස්, රාබු ඇතුළු උඩරට එළවළු වර්ග රැසක් විනාශයට පත්ව තිබෙනවා.

ඇතැම් එළවළු වගා බිම් සම්පුර්ණයෙන්ම විනාශයට ලක්ව ගොස් ඇති බවත්, දැඩි දුෂ්කරතා මැද්දේ බැංකු ණය මුදල් ලබා හා කණකර ආභරණ උකසට තබා ඉතාමත් අසීරුවෙන් වගා කොටගත් තම වගා බිම් මෙසේ ජලයෙන් යටවී විනාශයට පත් වීම මගින් තමන් කබලෙන් ලිපට ඇද වැටුණු තත්ත්වයට පත්ව ඇතැයි කඳපොල එළවළු ගොවිහු වැඩිදුරටත් පවසා සිටිනවා.

උඩුපුස්සැල්ලාව – නුවරඑළිය මාර්ගයද පසුගිය දින කීපයේ පැවති වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී රථ වාහන ගමනාගමනයට බාධා එල්ලව තිබූ බව ද කඳපොල වැසියෝ අප වාර්තාකරු හා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:15
Video thumbnail
සෙනඟ මැදින් ආ දිලිත්ට වුණු අකරතැබ්බිය
04:17
Video thumbnail
UNP පිරිත් දේශනය සිරිකොත මන්දිරයේදී පැවැත්වුණු හැටි..තලතා, අකිල විරාජ් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:22
Video thumbnail
ආණ්ඩුව පළවාහරින පළමු වෙඩිමුරය අද පටන්ගන්නවා
04:43
Video thumbnail
දුෂ්ශීල නායකයෝ අද සිල් ගන්නවා - පාතාලයේ උන්ට ආයේ මේ රටේ බලය යන්න දෙන්න බෑ
10:04
Video thumbnail
සමන්ත නුවරඑළිය වේදිකාව දෙවනත් කරයි
05:10
Video thumbnail
තව අවුරුදු 15කට තියෙන්නේ අපේ ආණ්ඩුව
02:06
Video thumbnail
මේක ලෝකේ වාර්තාවක් තියෙන දවසක් - මහවැලි පරදනා මහ ජන ගඟක් බොලව්
03:43