Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ තවත් 17ක් මරුට – ගාසා රෝහලකටත් ප්‍රහාර

ඊශ්‍රායලයේ නොනවතින ප්‍රහාර හමුවේ අද (05) දිනය තුළදීත් ලෙබනනයේ පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ ඊශ්‍රායලය අනුකම්පා විරහිතව තවදුරටත් ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

මෙම ප්‍රහාර ගෙවුණු පැය 14 තුළ ගාසා තීරය ද කේන්ද්‍ර කරගනිමින් එල්ල වන බව ද වාර්තා වනවා.

එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව එන්ක්ලේව්හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වෛද්‍ය කාර්ය මණ්ඩලයට අනුව, ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලට ද දෙවන දිනටත් ප්‍රහාර එල්ල කර ඇති අතර, වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ එහි උපත ලද නව බිළිඳුන්ට ද තුවාල සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.

ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයෙන් 2023 ඔක්තෝබර් 7 වැනිදා සිට අවම වශයෙන් පලස්තීනුවන් 43,391ක් මිය ගොස් 102,347ක් තුවාල ලබා තිබෙනවා.

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,139ක් මියගිය අතර 200කට වැඩි පිරිසක් අනාථභාවයට පත් වුණා.

ලෙබනනයේ, ගාසා තීරයට එරෙහි යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 3,002ක් මිය ගොස් 13,492 ක් තුවාල ලබා ඇති බවත් අල් ජසීරා හි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :-දෙතිස් ව්‍යංජන සහිත දහවල් සම්බුද්ධ පූජාව - දසත බෝපත දුරුතු පෝදා වැඩසටහන - සජීවීව
41:56
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20

?