ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ තවත් 17ක් මරුට – ගාසා රෝහලකටත් ප්‍රහාර

ඊශ්‍රායලයේ නොනවතින ප්‍රහාර හමුවේ අද (05) දිනය තුළදීත් ලෙබනනයේ පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ ඊශ්‍රායලය අනුකම්පා විරහිතව තවදුරටත් ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

මෙම ප්‍රහාර ගෙවුණු පැය 14 තුළ ගාසා තීරය ද කේන්ද්‍ර කරගනිමින් එල්ල වන බව ද වාර්තා වනවා.

එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව එන්ක්ලේව්හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වෛද්‍ය කාර්ය මණ්ඩලයට අනුව, ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලට ද දෙවන දිනටත් ප්‍රහාර එල්ල කර ඇති අතර, වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ එහි උපත ලද නව බිළිඳුන්ට ද තුවාල සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.

ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයෙන් 2023 ඔක්තෝබර් 7 වැනිදා සිට අවම වශයෙන් පලස්තීනුවන් 43,391ක් මිය ගොස් 102,347ක් තුවාල ලබා තිබෙනවා.

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,139ක් මියගිය අතර 200කට වැඩි පිරිසක් අනාථභාවයට පත් වුණා.

ලෙබනනයේ, ගාසා තීරයට එරෙහි යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 3,002ක් මිය ගොස් 13,492 ක් තුවාල ලබා ඇති බවත් අල් ජසීරා හි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32