ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ඇරේ – පහත්බිම්වල ජනතාවට රතු එළියක්

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (11) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීම හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මල ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවරුන් ඉල්ලා සිටි බවයි.

පවතින වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළිවල ද ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අධික සුළං සමග තද වැසි ඇදහැලෙමින් තිබෙනවා.

අධික සුළඟ සහ වර්ෂාව හේතුවෙන් හැටන් – රුවන්පුර, විග්ටන් මාර්ගයට විශාල ඇකේෂියා ගසක් ද කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද අලුයම සිට පෙරවරු ව තෙක් ඇනහිටි බවත් වාර්තාකරු පැවසුවා.

ගස කඩා වැටීමත් සමග මාර්ගයේ දෙපස ඇද තිබූ අධි බලැති විදුලි රැහැන් පද්ධතියට ද හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17