සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට්‌ කිරීමට අනුමැතිය

නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.

ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

සාක්ෂිය ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධතාව මඟින් පාර්ශ්වයන්ගේ එකඟතාව මත, අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන ඉල්ලීමක් මත හෝ තමන්ගේම මෝසමක් මඟින් සිදු කරනු ලබන ඉල්ලීමක් මත, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටක ඕනෑම ස්ථානයක සිට සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධක හරහා සාක්ෂි ලබා දීම සඳහා තැනැත්තන් යොමු කිරීම පිණිස අධිකරණයට බලය ලබා දෙමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධන කිරීම සඳහා 2025-01-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.