ඉලෙක්ට්‍රික් වාහන වලට මුල්තැන

2030 වනවිට, ඉන්දියාවේ අලෙවි කරන සියලු වාහනවලින් 30%ක් විදුලියෙන් ධාවනය වන රථ බවට පත්කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබේ.ඉන්දිය රජයේ සැලසුම වී ඇත්තේ රටේ පවතින බහුතරයක් බයික් සහ ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමටයි.එසේම මේ වන විට ගනන් බලා ඇති පරිදි විදුලි මගී මෝටර් රථ මුළු විදුලි රථ අලෙවියෙන් 5%ක් පමණ වනු ඇත.

විදුලියෙන් ධාවනය වන මෝටර් රථ භාවිතය ඉහළ නැංවීමේ ප්‍රයත්නයක් ලෙස, ඉන්දීය රජය විදුලි ත්‍රිරෝද රථ සහ බස් රථ සඳහා තොග ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රියාත්මක කර ඇති අතර කුඩා ප්‍රමාණයේ විදුලි රථ මිලදී ගැනීම් සඳහා ලබාදෙන සහන වැඩි කර තිබේ. එසේම දේශීය විදුලි මෝටර් රථ නිෂ්පාදනය ඉහළ දැමීම වෙනුවෙන් ඉන්දීය රජය රුපියල් බිලියන 259ක (ඩොලර් බිලියන 3.3ක) ප්‍රතිපාදන වෙන්කර ඇත.

මේ අතර විදුලි ද්වි සහ ත්‍රිරෝද රථ සඳහා රටපුරා බැටරි හුවමාරු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමටද රජය සැලසුම් කර තිබේ. පසුගිය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ රජයේ අයවැය තුලින් සියලුම විදුලි මෝටර් රථවල බැටරි ප්‍රමිතිගත කිරීමේ වැඩසටහනක්ද යෝජනා කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36