spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉලෙක්ට්‍රික් වාහන වලට මුල්තැන

2030 වනවිට, ඉන්දියාවේ අලෙවි කරන සියලු වාහනවලින් 30%ක් විදුලියෙන් ධාවනය වන රථ බවට පත්කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබේ.ඉන්දිය රජයේ සැලසුම වී ඇත්තේ රටේ පවතින බහුතරයක් බයික් සහ ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමටයි.එසේම මේ වන විට ගනන් බලා ඇති පරිදි විදුලි මගී මෝටර් රථ මුළු විදුලි රථ අලෙවියෙන් 5%ක් පමණ වනු ඇත.

විදුලියෙන් ධාවනය වන මෝටර් රථ භාවිතය ඉහළ නැංවීමේ ප්‍රයත්නයක් ලෙස, ඉන්දීය රජය විදුලි ත්‍රිරෝද රථ සහ බස් රථ සඳහා තොග ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රියාත්මක කර ඇති අතර කුඩා ප්‍රමාණයේ විදුලි රථ මිලදී ගැනීම් සඳහා ලබාදෙන සහන වැඩි කර තිබේ. එසේම දේශීය විදුලි මෝටර් රථ නිෂ්පාදනය ඉහළ දැමීම වෙනුවෙන් ඉන්දීය රජය රුපියල් බිලියන 259ක (ඩොලර් බිලියන 3.3ක) ප්‍රතිපාදන වෙන්කර ඇත.

මේ අතර විදුලි ද්වි සහ ත්‍රිරෝද රථ සඳහා රටපුරා බැටරි හුවමාරු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමටද රජය සැලසුම් කර තිබේ. පසුගිය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ රජයේ අයවැය තුලින් සියලුම විදුලි මෝටර් රථවල බැටරි ප්‍රමිතිගත කිරීමේ වැඩසටහනක්ද යෝජනා කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?