පසුගිය 30 වැනි දින අලුයම් කාලයේ මීගමුව, බෝලවලාන-කදිරාන ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදි 02 ක කන්ටේනර් රථයක් ගැටි තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබුණා.
අනතුරෙන් පසුව එම අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයට පිරිසක් විසින් ගිනි තබා අලාභ හානි සිදුකර තිබෙනවා .
එලෙස එම කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානී සිදු කළ කළ බවට චෝදනා ලත් සැකකරුවන් 12 දෙනෙක් කටාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (03) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල ඉදිරියේ පවත්වන ලද පෙරට්ටුවේදී සාක්ෂිකරු විසින් කිසිදු සැකකරුවෙක් හඳුනා ගෙන නැහැ.
මෙම සිද්ධියට සම්බන්ධව සැකකරුවන් 03 නෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් 09 දෙනෙකු ඇතුළු සැකකරුවන් 12 දෙනකු මෙම පෙරට්ටුවට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව,මෙම සැකකරුවන් 12 දෙනා මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය වෙත ඉදිරිපත් කළ පසු අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් එක් කණ්ඩායමකට සැකකරුවන් 04 දෙනා බැගින්, පෙරට්ටු 03ක් පවත්වන ලෙසට නියෝග කළා.
මෙම පෙරට්ටුවේදී හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන් 02නෙක් කටාන පොලිසිය විසින් නම් කළ අතර එහෙත් මෙම අවස්ථාවේ පෙරට්ටුවට ඉදිරිපත් වූයේ එක් සාක්ෂිකරුවකු පමණයි.
එම සාක්ෂිකරු විසින් සැකකරුවන් 12 දෙනාගෙන් එක් අයකු හෝ මෙම පෙරට්ටුවේදී හඳුනා ගෙන තිබුණේ නැහැ.
පසුව මෙම සැකකරුවන් 12 දෙනා කටාන පොලිසිය විසින් මීගමුව, අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර වෙත විවෘත අධිකරණයේදී ඉදිරිපත් කළ අතර එහිදී සියලු කරුණු සලකා බලා එක් අයෙක්ට රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02ක් මත, සැකකරුවන් 12 දෙනාව ඇප මත මුදා හැරීමට නියෝග කරනු ලැබුවා.













