ස්කොට්ලන්තයේ පැවති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග අද (04) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
මේ වන විට පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසු වන්නේ ද රුමේෂ් තරංගයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම සඳහා ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 89.75ක්.













