ඉරානයට නැවත පහර දෙනවාද නැතිනම් සාම ගිවිසුමක් අනුගමනය කරනවාද යන්න සම්බන්ධයෙන් විශාල තීරණයක් ගැනීමට තමන්ට සිදුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
නිව්යෝර්ක් නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ට්රම්ප් ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.
ඊයේ (22) නිව්යෝර්ක්හි පැවති ජනාධිපතිවරයාගේ කතාව අතරතුර ඉරාන නියෝජිත කණ්ඩායමේ තනි සාමාජිකයෙක් බලා සිටි අතර, ගැටුම නොවිසඳී ගියහොත් ඉස්ලාමීය ජනරජය විනාශ කළ හැකි බව ට්රම්ප් මෙහිදී සඳහන් කළා.
මෙහිදී ට්රම්ප් “ගෝලීය රජය” ද ප්රතික්ෂේප කළ අතර, රුසියාව සහ යුක්රේනය අතර සාමය සඳහා තැරැව්කරු වීමට සහ ඇමරිකා එක්සත් ජනපදය කෘතිම බුද්ධි තරඟය ජය ගන්නා බව සහතික කිරීමට පොරොන්දු වුණා.
එක්සත් ජනපද සහ ඉරාන නියෝජිතයන් අතර සාකච්ඡා ඇතුළත් ඉහළ මට්ටමේ රාජ්ය තාන්ත්රික දිනයකදී ට්රම්ප්ගේ මෙම අදහස් පළවීම විශේෂත්වයක්.













