ඉරානයේ නගර කිහිපයක් ඉලක්ක කරමින් ඇමරිකාවෙන් දරුණු ප්‍රහාර

ඉරානය විසින් පැය 24ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධියේ දී වෙළෙඳ නෞකා තුනකට පහරදීමට ප්‍රතිචාර වශයෙන්, ඉරානයේ නගර කිහිපයක් ඉලක්ක කොට ප්‍රහාර දියත් කළ බව ඇමරිකානු මධ්‍යම විධානය නිවේදනය කරනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ ප්‍රහාර කෂ්ම් දූපතට, බන්ඩාර් අබ්බාස් සහ සිරික් වෙත එල්ල වී ඇති බවයි.

එහිදී සිවිල් පුද්ගලයින් තුවාල ලබා ඇති බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ එක්සත් ජනපද හමුදා මෙහෙයුම් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවයි.

එක්සත් ජනපද රජයේ “නරක විශ්වාසය, නොගැලපීම” මෙම ප්‍රහාර මඟින් ඔප්පු කරන බවයි ඔහු පවසන්නේ.

මේ අතර එක්සත් ජනපදයේ ප්‍රහාරවලින් පසු ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉරාකයේ නජාෆ් නගරයෙන් පිටත්ව ගොස් ටෙහෙරානයට ආපසු ගොස් ඇති බව වාර්තා වනවා.

අඟහරුවාදා රාත්‍රියේ ඉරාකයේ නජාෆ් වෙත පැමිණි කමේනිගේ දේහයේ අවමංගල්‍ය චාරිත්‍රවලට සහභාගී වීම සඳහා පෙසෙෂ්කියන් ජනධිපතිවරයා ඉරාකයට පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LPL සීසන් ඊස් බෑක් - ප්‍රේමදාස පිටියේ නවතම දර්ශන මෙන්න
02:55
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:21
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇල මාර්ගයක තිබී හමුවෙයි
01:10
Video thumbnail
ගගේයාය ප්‍රදේශයේ නිවසකින් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය
01:14
Video thumbnail
ලාල් කාන්ත ඇමතිතුමා ප්‍රායෝගිකයි - මන් එතුමාට දොස් කියන්නේ නෑ
02:38
Video thumbnail
කැබ් රථයක් පාලනයෙන් ගිලිහී වාහනත් හ#පගෙන කඩයක් තුළ නැවතුන හැටි
00:39
Video thumbnail
යාල වනෝද්‍යානයට ගිහින් උඩියටිකුරු ගහපු Defender රථය
00:31
Video thumbnail
විභාග කොමසාරිස් ජනරාල්ට, අධ්‍යාපන ලේකම්ට වක්‍ර අල්ලසක් එනවද ?A/L සිසුන්ගෙන් මාස 3ක් අඩු කළේ ඒකද ?
02:33
Video thumbnail
හිටපු කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්නට කට උත්තර නැතිවෙන්නම දෙයි
11:46
Video thumbnail
ගොඩක් අහුවෙන්නේ Duplicate දුම්වැටි - සැක නොහිතන අයව ජාවාරම්වලට යොදාගන්නේ
06:30