ඉම්රාන් ඛාන්ගේ මූලික අයිතිවාසිකම් වහාම යළි ලබාදෙන්න – ජාත්‍යන්තරයේ ප්‍රබල ඉල්ලීමක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වසර තුනක් පුරා රඳවා තබාගෙන සිටින අතරතුර ඔහුගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින්, ඔහුට සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී ඛාන්ට පවුලේ සාමාජිකයන්, නීතිඥයන් සහ වෛද්‍ය ප්‍රතිකාර වෙත ප්‍රවේශ වහාම යළි ලබාදෙන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සංවිධානය පවසන්නේ ඉම්රාන් ඛාන්ට සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය වසර තුනක් පුරා ක්‍රමානුකූලව අහිමි කර ඇති අතර, ඔහු දිගුකාලීන තනි සිරගත කිරීමකට ලක් කර තිබෙන බවයි.

එමෙන්ම ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ සහ පවුලේ සාමාජිකයන් හමුවීමේ අයිතිය ද දැඩි ලෙස සීමා කර ඇති බව සඳහන් වේ. ඔහුට මාස අටකට වැඩි කාලයක සිට පවුලේ සාමාජිකයන් හමුවීමට අවසර ලබාදී නොමැති අතර, ඔහුගේ ඇස් පෙනීම ද සැලකිය යුතු ලෙස පිරිහී ඇති බව ක්ෂමා සංවිධානය පෙන්වා දෙනවා.

2025 දෙසැම්බර් මාසයේ සිට ඉම්රාන් ඛාන් සහ බුෂ්රා බීබී ඛාන්ට නීතිඥයන් හමුවීමේ නිත්‍ය අවස්ථා ද අහිමි කර ඇති බව සංවිධානය චෝදනා කරයි. මේ හේතුවෙන් ඔවුන්ගේ මානව හිමිකම් සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.

ඉම්රාන් ඛාන්ගේ සිරගත කිරීමේ තෙවැනි වසර පිරීම නිමිත්තෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය සංවිධානය කිරීමට නියමිත රැස්වීම් සහ විරෝධතා සාමකාමීව පැවැත්වීමට ඉඩ සලසන ලෙස ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පාකිස්තාන රජයෙන් ඉල්ලා තිබෙනවා.

මීට පෙර PTI ආධාරකරුවන්ට එරෙහිව සිදු වූ අත්තනෝමතික මර්දන නැවත සිදු නොකළ යුතු බවද සංවිධානය අවධාරණය කරනවා.

2024 වසරේ එක්සත් ජාතීන්ගේ අත්තනෝමතික රඳවා තැබීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ඉම්රාන් ඛාන්ගේ රඳවා තැබීම ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පටහැනි බව නිගමනය කර තිබූ අතර, 2025 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ විශේෂ වාර්තාකරුද ඔහුගේ සිරබන්ධන තත්ත්වය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට නොගැළපෙන බවට කනස්සල්ල පළ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25
Video thumbnail
රෝහිණි කළ අසත්‍ය ප්‍රකාශය හැන්සාඩ් එකෙන් අයින් කරයි
00:40
Video thumbnail
සජබයේ ආණ්ඩුවක් යටතේ මේ හොරුන්ට අපි දඬුවම් දෙනවා
06:31
Video thumbnail
ලක්මාලිට රතු කට්ට පනී - ඔයාලා මොකටද අප්පා මේ පාර්ලිමේන්තුවට එන්නේ
07:10
Video thumbnail
විපක්ෂයේ කට්ටියට දැන් හිත රිදෙනවා ඇති - හිටපු ඇමති කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන ලු
04:57
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන ආනන්දගෙන් ප්‍රබල හෙළිදරව්වක් - සයිබර් අපරාධයක් කියලා වාර්තා වුණා
08:34
Video thumbnail
අකිල විරාජ් අධිකරණයට රැගෙන ගිය අයුරු - වතුරත් බිබී හිනාවේවී යන හැටි
01:48
Video thumbnail
රෝහිණි - කොට්ටහච්චි පැටලෙයි.. ආණ්ඩුවේ නැට්ටක් කියලා ඔයා කොහොමද කියන්නේ..?
11:11
Video thumbnail
කෙඳිරි ගාන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න
10:43
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57