සාම්ප්‍රාදයික මිල සූත්‍රය අනුව ඉදිරියටත් කටයුතු කිරීමට සිදු වන බවත්; සෙසු බස් සංගම්වල පාර්ශ්ව සමග සාකච්ඡා කර අද (01) හෝ හෙට (02) දිනයේ දී බස් ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ ද නොවන්නේ ද යන කාරණය පිළිබඳ ව මගී ජනතාව දැනුම්වත් කරන බවත් ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඊයේ (30) රාත්‍රියේ දී ඉන්ධන මිල පහත වැටීමත් සමග ජනතාව මීළඟට බලාපොරොත්තුවෙන් සිටින්නේ බස් ගාස්තු ද පහත බසිනු ඇති බවටයි.
නමුත් නව රජය යටතේ ද සිදු කරන්නේ සාම්ප්‍රදායික මිල සූත්‍රය ම ක්‍රියාත්මක කරමින් කටයුතු කිරීම බවත් තමන් ඒ පිළිබඳ ව මාලිමා රජයට ස්තුතිය පළ කරන බව ද ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.
මීට පෙර දිනකදී මහාචාර්ය රොහාන් සමරනායක මහතා පැවසූ පරිදි ‘රනිල් එලවා රනිල්ව ම පත් කරගැනීමක් සිදුව ඇති බව’ ද බස් සංගම් සභාපතිවරයා මෙහිදී කියා සිටි අතර; නව මිල සූත්‍රයක් හඳුන්වා දේ යැයි සිතුව ද එය එසේ සිදු නොවන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.
එබැවින් පරණ මිල සූත්‍රයට අනුව බස් ගාස්තු අඩු කිරීමට තරම් සහනයක් බස් සංගම්වලට හිමි නොවුණ ද, ජනතාවට යම් සහනයක් ලබාදීමට හැකියාවක් පවතින්නේ ද යන කාරණය සම්බන්ධයෙන් අද දිනයේ දී සාකච්ඡා කෙරෙන බව ද ගැමුණු විජේරත්න මහතා පැවසුවා.
ගෝලීය වශයෙන් බොරතෙල් සපයන රටවල්වල ද මේ වනවිට යුද වාතාවරණයක් පවතින බැවින් ඉදිරියේ දී බොරතෙල් බැරලයක මිල ද ඉහළ ගියහොත් බස් රථ ගාස්තු මිල ඉහළ දැමීමේ අවදානමක් ද උද්ගත ව පවතින බව ද මෙහිදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කළා.














ගැමුණු අඩු කරපල්ලා ගාස්තු එච්චරයි වැල් බයිලා නැතිව වෙන සුත්‍ර ගේන්න ඕනේ නෑ ඔය සුත්රයත් ලබන ජනවාරි අයින් කරන්න ඕනේ නැතිනම් ආණ්ඩු මොකටද ( මුලින් කිව්වේ බන්දුලයා පතෝලයා)
මල්ලි මේ බයිලානම් කෙලින්න එපා ඔය සංගමේ පොර වාගේ ඔයා පේන්න හිටියට අපි දන්නවා ඔයා ඩමියක් විතරයි සහ සැබෑ බස් හිමියෝ පාර්ලිමෙන්තුවේ මැති ඇමතිවරු කියලා. උන්ගේ සපොට් එකෙන් පොර ටෝක් දිදී හිටියට දැන් ආන්ඩුවේ බස් හිමියෝ නෑ. එනිසා ස්පයාපාර්ට් ගනං අරක මේක කියවලා උඹට ස්පයා පාර්ට් දාගන්න වැඩ සිද්ද කරගන්නෙ නැතිව ප්‍රතිශතාත්මක අඩු කිරීම කරපං රජෝ. ඒ එක්කම මතක තියාගන්න ඕනෙ කොරෝනා කාලෙ එක සීට් එකක එක්කෙනෙක් ගෙනියනවා කියලා වැඩි කර ගත්ත එක මගෙ මතකේ හැටියට දැන් පොල් පටොනකොටවත් අඩු කරේ නැති බව.