ඉන්ධන බවුසරයක් වෙළකට පෙරළී ඩීසල් හා පෙට්‍රල් අපතේ ගිය හැටි

ඩීසල් හා පෙට්‍රල් පුරවා ගත් ඉන්ධන බවුසරයක් කොලොන්නාව ප්‍රදේශයේ සිට මඩකලපුව බලා ධාවනය කරමින් තිබියදී මනම්පිටිය – ආච්චිබෝක්කුව ප්‍රදේශයේ දී අද (01) සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී සිදු වූ අනතුරකින් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් අසල වෙල් යායක ජලයට එක් වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අනතුරින් රියදුරු සහ රිය සහායක ද සුළු තුවාල ලබා ඇති බවයි.

පෙට්‍රල් ලීටර් 6600 ක් සහ ඩීසල් ලීටර් 6600ක් මෙම ඉන්ධන බවුසරයේ තිබී ඇති බවත් වාර්තා වනවා.

ඉන් විශාල ප්‍රමාණයක් වෙල්යායේ ජලයට මුසු වී ඇති බව ද පරීක්ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය පැවසූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පැවති වර්ෂාපතනයත් සමඟ මෙම ඉන්ධන බවුසරය මාර්ගයේ දී ලිස්සා ගොස් තිබෙනවා.

ඉන්ධන බවුසරයෙන් හැලෙන ඩීසල් හා පෙට්‍රල් ප්‍රදේශවාසීන් ප්ලාස්ටික් බූලිවලට පුරවා ගැනීමට උත්සාහ ගත්ත ද මනම්පිටිය පොලිසිය ව්‍යර්ථ කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16