ඉන්ධන අලෙවි කිරීමට අලුත් සමාගම් තුනකට කැබිනට් මණ්ඩල අනුමැතිය

මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට තවත් විදෙස් සමාගම් 3කට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් සදහා එම අනුමැතිය ලැබුණු බවයි.

දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් 150 බැගින් ඔවුන්ට ඉන්ධන බෙදාහැරීම සදහා ලබාදීමට නියමිත අතර අදාළ සමාගම් විසින්ද නව ඉන්ධන පිරවුම්හල් 50 ක් අලුතින් ඉදිකිරීමට නියමිතයි.

එම සමාගම් සදහා වසර 20 ක බලපත්‍රයක් හිමිවෙන අතර එමගින් ඛනිජ තෙල් ආනයනය,ගබඩා කිරීම,බෙදා හැරීම සහ අලෙවි කිරීමට අවසර හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
90
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?