ඉන්ධනහල්වලට පොලිස් ආරක්ෂාව

ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඊයේ (1 වැනිදා) විශේෂ දැනුම් දීමක් කර තිබේ.

ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් අසල මහජනතාව පෝලිම් ගැසී ඒකරාශීව සිටින අවස්ථාවල සාමය පවත්වාගෙන යෑම සඳහා එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබේ.

ගොවි අවශ්‍යතා මත කෘෂි කර්මාන්තය සඳහා යොදාගන්නා උපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන කෑන් හෝ බූලි මගින් ලබාගැනීමට පැමිණෙන ජනතාව වෙත බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සඳහාත්, සංචාරක ක්ෂේත්‍රයට අදාළව සංචාරකයන් ප්‍රවාහනය කරන රථවාහන, ගිලන් රථ, ගිනි නිවීමේ රථ, රෝගීන් ප්‍රවාහන රථ සඳහා ප්‍රමුඛතාව මත ඉන්ධන ලබාදීම සඳහාත් අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

ඉන්ධන ලබාගැනීම සඳහා වාහන ​පෝලිම් පවතින අවස්ථාවලදී එවැනි ඉන්ධන පිරවුම්හල් අසල වන තදබදය අවම වන තෙක් පොලිස් නිලධාරීන් යොදවා රථවාහන පාලනය කිරීමටත්, කලහකාරී සිදුවීම් වැළැක්වීමටත් අවශ්‍ය උපදෙස් දෙන ලෙසත් පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26