ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතා ගැන ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආරක්ෂක සබඳතා පිළිබඳ මෙරට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

දෙරට දශක ගණනාවක සිට සුහදශීලී ආරක්‍ෂක සබඳතාවන් පවත්වා ගනිමින් කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා මෙම ප්‍රකාශය මඟින් පෙන්වා දෙනවා.

ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ ප්‍රකාශය..

“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දශක ගණනාවක් මුළුල්ලේ සුහදශීලී ආරක්‍ෂක සබඳතාවන් පවත්වා ගනිමින් කටයුතු කරනු ලබන අතර, ආරක්ෂාව හා සම්බන්ධ සංවාද, ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් මෙන්ම වැඩමුළු ආදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් ක්‍රියාකාරකම් තුලින් මෙම සබඳතා ශක්තිමත්ව ක්‍රියාත්මක කරනු ලබයි. මීට සමගාමීව, ඉන්දියාව විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 750 කට පමණ අදාළ විෂයානුබද්ධ පුහුණුවීම් ලබා දෙයි. ඉන්දියා-ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කෙරෙන අතරම මේ දක්වා එම සහයෝගය අඛණ්ඩව ලබා දීම විශේෂත්වයකි.

2023 වර්ෂයේ පැවති ආරක්‍ෂක සංවාදයේදී, ද්වීපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව සහ සම්බන්ධතාවන් වඩාත් කාර්යක්ෂමව හා විධිමත් ආකාරයකින් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින්, ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඔස්සේ ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළවිය.

ශ්‍රී ලංකාව අනෙකුත් ‍රටවල් සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් මෙම වසරේ ජනවාරි මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයෙහි දැක්වෙන උපදෙස් ප්‍රකාරව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අවබෝධතා ගිවිසුම ඉතා ගැඹුරින් පරීක්ෂා කොට සමාලෝචනය කර ඊට අදාළ වන පරිදි සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව එළඹි නිගමනයන්ට අනුව සකස් කරනු ලැබූ අවසන් අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට පෙර ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද නිසි අයුරින් ලබා ගැනීමට කටයුතු කරන ලදී.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ සිදු කරනු ලබන සහයෝගීතා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව සිදුකෙරෙන අතර, එමගින් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්ති හෝ නීති පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකෙරේ.

තවද, මෙම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගීතා ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අවස්ථාවන්හිදී, දෙපාර්ශ්වයේ ජාතික හා හමුදාමය නීති සහ රෙගුලාසි මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අදාළ මූලධර්ම සහ අරමුණු වලට ගරු කිරීමට ඉන්දු- ශ්‍රී ලංකා දෙපාර්ශ්වයම කැපවී සිටින අතර, එම ක්‍රියාකාරකම් මගින් දෙරටේ ස්වෛරීභාවයේ සමානාත්මතාවය, භෞමික අඛණ්ඩතාව මෙන්ම දෙපාර්ශවයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම හා උල්ලංඝනය නොකිරීම යන මූලධර්ම ඇතුළත් වේ.

දෙරට අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මගින් දෙරටේ ආරක්‍ෂක සබඳතා සඳහා ශක්තිමත් පදනමක් සකස් කෙරෙන අතර එමගින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සතු දැනුම හුවමාරුකර ගැනීමේ වැඩසටහන්, පුහුණුවීම්, ජ්‍යෙෂ්ඨ හමුදා මාණ්ඩලික සාකච්ඡා, තොරතුරු හුවමාරු වැඩසටහන්, සීඝ්‍රයෙන් දියුණු වන ආරක්‍ෂක මෙන්ම ආරක්‍ෂක තාක්‍ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය යන විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරයන් වඩා වෘත්තීයමය ආකාරයකින් සිදු කිරීම සහතික කෙරේ.

මාස තුනක පූර්ව දැනුම්දීමකින් අවසන් කිරීමට අදාළ පාර්ශ්වයන්ට ඇති අයිතිය සහිතව වසර 05 ක් සඳහා බලාත්මක කිරීමට යෝජනා වී ඇති මෙම අවබෝධතා ගිවිසුම ඉන්පසු වසර තුනක් දක්වා අඛණ්ඩව පවත්වා ගනිමින් ඊට අදාළව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට හා ඒ ඔස්සේ ලබාගන්නා නිගමන ඔස්සේ ගිවිසුම අවසන් කිරීම සමාලෝචනය කිරීමට යටත්ව, එසේ කිරීමට අවශ්‍ය නම්, පෙර කී පූර්ව දැනුම්දීමට සමාන දැනුම්දීමක් ඔස්සේ ගිවිසුම අවසන් කිරීමට ද හැකියාව ඇත.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40