ඉන්දීය විදේශ ලේකම් නිල සංචාරයක් සඳහා මෙරටට

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි එක් දින නිල සංචාරයක් සඳහා අද (05) මෙරටට පැමිණියා.

මෙම සංචාරය අතරතුරදී ඔහු, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යතුමිය සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ රාජ්‍ය තාන්ත්‍රික හමු කිහිපයකට සහභාගී වීමට නියමිතයි.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිරන්තරයෙන් සිදුවන ඉහළ මට්ටමේ හුවමාරු ඉදිරියට ගෙන යන අතර සමීප ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් ප්‍රධාන මුලපිරීම්වලට ජවය ලබා දෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්