දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙක්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාග සඳහා සැප්තැම්බර් මස 28 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඉන්පසුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මස 28 වැනිදා කැදවන ලෙස නියෝග කරනු ලැබුවා.













