නුවරඑළිය ප්‍රදේශයේ ඇදහැලෙන වර්ෂාවත් සමග ග්‍රෙගරිවැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ග්‍රෙගරිවැවේ වාන් දොරටුව ඊයේ (04) පස්වරුවේ විවෘත කර තිබෙනවා.
නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණය සහ ඝන මීදුම හේතුවෙන්, නුවරඑළියේ ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම ද නුවරඑළිය මහ නගර සභාව විසින් ආරක්ෂක හේතුන් මත තාවකාලිකව තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.













