ඉන්දියාවට පිට කරන්න ගිය මිලියන 160ක රත්‍රං කටුනායක දී මාට්ටු (ඡායාරූප)

මෙරට සිට ඉන්දියාවට රත්‍රං රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවෙ මුම්බායි නගරය වෙත යෑමට සැලසුම්කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන්ගේ ගමන් මළුවල සූක්ෂම ලෙස මෙම රත්‍රං සඟවා තිබිය දී රේගු නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී රන් කැබලි, ජෙල් ස්වරූපයෙන් තිබූ රත්‍රං සහ රන් ආභරණ කිලෝග්‍රෑම් 10.5ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 160කට ආසන්නයි.

මේ අතර මෙම ජාවාරමට සම්බන්ධ බව කියන ඉන්දියානු ජාතිකයෙකු ද ගුවන්තොටුපොළ සංක්‍රමණික ප්‍රදේශය තුළ රැඳී සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?