ඉන්දියාවට පිට කරන්න ගිය මිලියන 160ක රත්‍රං කටුනායක දී මාට්ටු (ඡායාරූප)

මෙරට සිට ඉන්දියාවට රත්‍රං රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවෙ මුම්බායි නගරය වෙත යෑමට සැලසුම්කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන්ගේ ගමන් මළුවල සූක්ෂම ලෙස මෙම රත්‍රං සඟවා තිබිය දී රේගු නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී රන් කැබලි, ජෙල් ස්වරූපයෙන් තිබූ රත්‍රං සහ රන් ආභරණ කිලෝග්‍රෑම් 10.5ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 160කට ආසන්නයි.

මේ අතර මෙම ජාවාරමට සම්බන්ධ බව කියන ඉන්දියානු ජාතිකයෙකු ද ගුවන්තොටුපොළ සංක්‍රමණික ප්‍රදේශය තුළ රැඳී සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11