spot_imgspot_img

ඉදිවෙමින් පවතින උමං මාර්ගයක් කඩා වැටී ඉන්දියාවේ අනතුරක්

ඉන්දියාවේ ඉදිවෙමින් පවතින උමං මාර්ගයක කොටසක් කඩාවැටීමෙන් එහි කම්කරුවන් 36ක් පමණ සිරවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර්කාෂි උමං මාර්ගයේ කොටසක් මෙලෙස අද උදෑසන කඩා වැටීමට ලක්ව ඇති අතර, උත්තර්කාෂි සිට දන්ඩල්ගෝන් දක්වා මෙම උමං මාර්ගය ඉදිකෙරෙමින් පවතිනවා.

කිලෝමීටර් හතරහමාරක් දිග උමගෙහි මීටර් 150ක් පමණ දිග කොටසක් මෙලෙස කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

සුන්බුන් අතර සිර වී සිටින පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ජාතික ආපදා ප්‍රතිචාර බලකාය, රාජ්‍ය ආපදා ප්‍රතිචාර බළකාය, ගිනි නිවන හමුදාව සහ උමග ඉදිකිරීමේ කටයුතු අධීක්ෂණය කරන සීමාසහිත ජාතික මහාමාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධන සංස්ථාව විසින් මෙම ගලවා ගැනීමේ මෙහෙයුම් අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?