ඉදිවෙමින් පවතින උමං මාර්ගයක් කඩා වැටී ඉන්දියාවේ අනතුරක්

ඉන්දියාවේ ඉදිවෙමින් පවතින උමං මාර්ගයක කොටසක් කඩාවැටීමෙන් එහි කම්කරුවන් 36ක් පමණ සිරවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර්කාෂි උමං මාර්ගයේ කොටසක් මෙලෙස අද උදෑසන කඩා වැටීමට ලක්ව ඇති අතර, උත්තර්කාෂි සිට දන්ඩල්ගෝන් දක්වා මෙම උමං මාර්ගය ඉදිකෙරෙමින් පවතිනවා.

කිලෝමීටර් හතරහමාරක් දිග උමගෙහි මීටර් 150ක් පමණ දිග කොටසක් මෙලෙස කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

සුන්බුන් අතර සිර වී සිටින පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ජාතික ආපදා ප්‍රතිචාර බලකාය, රාජ්‍ය ආපදා ප්‍රතිචාර බළකාය, ගිනි නිවන හමුදාව සහ උමග ඉදිකිරීමේ කටයුතු අධීක්ෂණය කරන සීමාසහිත ජාතික මහාමාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධන සංස්ථාව විසින් මෙම ගලවා ගැනීමේ මෙහෙයුම් අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීසිං ක්‍රමයට හාල් දෙන්න කොහේවත් තීරණයක් අරගෙන නෑ
03:52
Video thumbnail
බූරු කුට්ටමේ ඉන්න ජෝකර්ලා වෙනුවට උඹලාගේ ෆොටෝ එකක් දාගන්න
06:41
Video thumbnail
ලෝක අර්බුධය පාවිච්චි කරලා අපි හොරකම් කළේ නෑ
11:41
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:31
Video thumbnail
මහ පාරට කුණු දාලා කඩුවෙල අපිරිසිදු කරන කට්ටිය
01:45
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36