ඉදිරි දින කිහිපයේ පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට අද (17) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර,
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26
Video thumbnail
මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන ජනාධිපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්
14:37
Video thumbnail
ජනාධිපතිතුමා හදිසියේම පාර්ලිමේන්තුවට ගොඩවෙයි
04:29
Video thumbnail
විපක්ෂයේ සෙට් එක සභාව මැද ඩෙගා නටයි
00:59
Video thumbnail
පෝලිම්වල ඉන්න එපා - තෙල් හිඟයක් ඇතිවෙන්නේ නෑ
05:23