ඉදිකිරීම් අංශයේ ලක්ෂ 12කට රැකියා අහිමි වෙලා

ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසනවා.

ඊට අමතරව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරතවූ තවත් විශාල පිරිසකටද ජීවනෝපාය අහිමි වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම පිරිසට සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කරන ලෙසට ද මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කරනවා.

මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම්වල යෙදුණු පුද්ගලයන්ට අමතරව එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ටද සිය ජීවිකාව අහිමි වී ඇති බවයි ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දුන්නේ.

මේ පිරිස සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු එක්රැස් කිරීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාව කටයුතු සැලසුම් කර තිබෙනවා.

මේ අතර මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි දහදාහක් පමණ වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

මෙලෙස මුදල් ලැබී නොමැති පිරිස් අතර මහාපරිමාණ ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන් මෙන්ම, ග්‍රාමීය මට්ටමේ සුළු පරිමාණ මාර්ග ව්‍යාපෘති කළ විශාල පිරිසක්ද සිටින බවයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40