Empty Ad
Empty Ad
AFC Banner

ඉතිහාසයේ විනාශකාරී ම ගින්නෙන් ගොඩනැගිලි 10,000ක් අළු වෙද්දී දසදෙනෙකුට දිවි අහිමි වෙයි

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවර මේ දිනවල (10) පැතිර යන ළැව් ගිනි හේතුවෙන් විශාල දේපොළ හානියක් සිදු ව තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ මේ වනවිට ගින්නට හසු ව විනාශ වී ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 10,000ක් බවයි.

ඊයේ දිනය වන විට මෙම ගින්න හොලිවුඩ් කඳුකරය දක්වා ද පැතිරීම ආරම්භ වී තිබුණා.

ගින්නට හසු වී සුප්‍රසිද්ධ හොලිවුඩ් තරු රැසකගේ මෙන් ම ධනවත් ව්‍යාපාරිකයින්ගේ නිවාස ද සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙන අයුරුයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින ගින්න පාලනය කිරීමට ප්‍රාන්ත ආරක්ෂක අංශ, ගිනි නිවන භටයින් උත්සාහ දරමින් සිටින අතරතුර තවත් ගින්නක් ඇතිවෙමින් තිබෙන බවත් වාර්තා වනවා.

ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කරගනිමින් ඇති වූ ගින්නෙන් පුද්ගලයින් දසදෙනෙකු හෝ අවම වශයෙන් මියයන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

මේ හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර ඇති වෙමින් තිබෙන තුන්වැනි ගින්නෙන් බේරීමට එම ප්‍රදේශය අතහැර යන ලෙසටයි බලධාරීන් ජනතාවට දැනුම්දී ඇත්තේ.

අද දහවල් වන විට සැන් ෆර්නැන්ඩෝ නිම්නයේ ප්‍රදේශයක් වන වෙස්ට් හිල්ස්වල මෙම ගින්න පැතිරෙමින් තිබෙනවා.

ගිනි නිවන භටයින් තවමත් පලිසේඩ්ස් සහ ඊටන් ගින්න පාලනය කිරීමට සටන් කරමින් සිටින බවත් වාර්තා වනවා.

“දැඩි සුළං හේතුවෙන් මෙම ගින්න වේගයෙන් පැතිරෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යනුවෙන් ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් - සජිත් රටේ බලය අල්ලන ප්ලෑන් එක මෙන්න - සජබයේ ප්‍රබලයෝ හදිසියේ කළුතරදී රැස්වෙයි
08:08
Video thumbnail
ඇමති නාමල් ජීවිත අවධානම හිතන්නේ නැතුව අදත් වහපු මෝලකට යයි
12:28
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57

?