ඉතිහාසයේ විනාශකාරී ම ගින්නෙන් ගොඩනැගිලි 10,000ක් අළු වෙද්දී දසදෙනෙකුට දිවි අහිමි වෙයි

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවර මේ දිනවල (10) පැතිර යන ළැව් ගිනි හේතුවෙන් විශාල දේපොළ හානියක් සිදු ව තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ මේ වනවිට ගින්නට හසු ව විනාශ වී ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 10,000ක් බවයි.

ඊයේ දිනය වන විට මෙම ගින්න හොලිවුඩ් කඳුකරය දක්වා ද පැතිරීම ආරම්භ වී තිබුණා.

ගින්නට හසු වී සුප්‍රසිද්ධ හොලිවුඩ් තරු රැසකගේ මෙන් ම ධනවත් ව්‍යාපාරිකයින්ගේ නිවාස ද සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙන අයුරුයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින ගින්න පාලනය කිරීමට ප්‍රාන්ත ආරක්ෂක අංශ, ගිනි නිවන භටයින් උත්සාහ දරමින් සිටින අතරතුර තවත් ගින්නක් ඇතිවෙමින් තිබෙන බවත් වාර්තා වනවා.

ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කරගනිමින් ඇති වූ ගින්නෙන් පුද්ගලයින් දසදෙනෙකු හෝ අවම වශයෙන් මියයන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

මේ හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර ඇති වෙමින් තිබෙන තුන්වැනි ගින්නෙන් බේරීමට එම ප්‍රදේශය අතහැර යන ලෙසටයි බලධාරීන් ජනතාවට දැනුම්දී ඇත්තේ.

අද දහවල් වන විට සැන් ෆර්නැන්ඩෝ නිම්නයේ ප්‍රදේශයක් වන වෙස්ට් හිල්ස්වල මෙම ගින්න පැතිරෙමින් තිබෙනවා.

ගිනි නිවන භටයින් තවමත් පලිසේඩ්ස් සහ ඊටන් ගින්න පාලනය කිරීමට සටන් කරමින් සිටින බවත් වාර්තා වනවා.

“දැඩි සුළං හේතුවෙන් මෙම ගින්න වේගයෙන් පැතිරෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යනුවෙන් ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17