කුෂ් කිලෝ 05ක් සමඟ තායි කතුන් තිදෙනෙක් මාට්ටු

කටුනායක ගුවන් තොටුපොල පැමිණිමේ පරියන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තායිලන්තයේ බැංකොක් සිට ගුවන් මගින් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 220 ක් හා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 852 ක් සන්තකයේ තබාගෙන මෙරටට පැමිණි කාන්තාවක් අද (20) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අවුරුදු 38 ක් වන තායිලන්ත ජාතිකයෙක්.

එමෙන්ම අද (20) අද දින අළුයම කටුනායක ගුවන් තොටුපොල පැමිණිමේ පරියන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තායිලන්තයේ බැංකොක් සිට ගුවන් මගින් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 994 ක් හා හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 620 ක් සන්තකයේ තබාගෙන මෙරටට පැමිණි කාන්තාවක් හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම ගුවන් යානයෙන් මෙරටට පැමිණි තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් අවුරුදු 31 හා 36 වයස්වල පසුවන තායිලන්ත ජාතිකයන් බව පොලිසිය පවසනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.