කිලිනොච්චිය පොලිස් වසමේ පරන්තන් මාර්ග බාධකයේදී ඊයේ (19) දින උදෑසන කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වව්නියාව සිට යාපනය දක්වා ධාවනය වූ වැලි ටිපර් රථවල බලපත්‍ර පරීක්ෂා කිරීමේදී භූ විද්‍යා හා පතල් කාර්යංශය මඟින් නිකුත් කරනු ලබන වැලි ප්‍රවාහන බලපත්‍රයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලබන තීරුව අත්සන් නොකර සිටිමට පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සහා කිරීමේ චෝදනා මත සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 28, 29, 40 හා 49 වයස්වල පසුවන වව්නියාව, රාමනාදපුරම්, ධර්මපුරම්, ආනන්දපුරම් හා පුලෝලී ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (21) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













